Monday, September 12, 2022

Death of Queen Elizebeth

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ. 



1926 April 21 දින උපන් ඇගේ සම්පූර්ණ නම Elizabeth Alexandra Mary Windsor විය. 1936, වයස අවුරුදු 25දී රාජප්‍රාප්ති වන මැය වසර 70 කිරුළ දරමින් එක්සත් රාජධානියේ දීර්ඝතම පාලකයා විමේ භාග්‍ය හිමිකර ගන්නා ලදී. ඊයේ(08) පස්වරුවේදී රැජින මිය යන විට 96 හැවිරිදි වියේදී පසුවූවා.💔


රැජිනගේ මරණයෙන් පසුව ඔටුන්න හිමි චාලස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත් කල බව බකිම් හැම් මාලිගාව නිළ වශයෙන් නිවේදනය කරනු ලැබුවා.👑


Rest In Peace Queen Elizabeth 🏳️

Monday, August 29, 2022

Best way to Study

 


🔖ඔක්කොටම වගේ ළගදිම විභහගයක් තියෙනවනේ... ඉතින් පාඩම් කරන එකනේ මේ දවස් වල කරන්නේ ඒත් එකදිගට පාඩම් කරද්දී එපා වෙනවා නිදිමත එනවනේ ඒහෙම නැතුව හොදට පාඩම් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ...👇


💢මේ ක්‍රමේ තමයි SQ3R 💢


🔖S-Survey

🔖Q-Question 

🔖R-Read

🔖R-Recite

🔖R-Review 


📒Survey

මේකෙදි කරන්න තියෙන්නේ අදාල පාඩම ටිකක් බලා ගන්න එකයි. ගොඩක් වෙලා අරගෙන පිටුගන්න පාඩම් කරන්නෙත් නෑ. අවශ්‍ය කරුණු පොඩි කාලයක් අරගෙන බලාගන්න.


📒Question 

මේකෙදි කරන්නේ කොළයක් අරන් පොත බලාගෙන ප්‍රශ්න හදන්නයි. කළු පෑනෙන් ලියන එක හොදයි.


📒Read

දැන් ලියාගත්ත ප්‍රශ්න වලට උත්තර පොතෙන් බලාගෙන පාඩම් කරන්න. තමන්ට ඇහෙන ගානට හඩ නගා කියවීම හොදයි. එතකොට නිදිමත එන්නෙත් නෑ. ටික වේලාවක් ඒකට අරගන්න.


📒Recite 

දැන් මතකෙන් අර ප්‍රශ්නවලට නිල් පෑනෙන් උත්තර ලියන්න.


📒Review 

මේකෙදි කරන්නේ ලිව්ව උත්තර චෙක් කරන්නයි. හරි නම් රතු පෑනෙන් හරියක් දාගෙන වැරදි තියෙනවනම් රතු පෑනෙන් ලියාගන්න.


📌මේ ක්‍රමයෙදි වැඩ කිහිපයක් කරන්න තියෙන හන්දා නිදිමත/කම්මැලි නොවී පාඩම් කරන්න පුලුවන්.

Thursday, August 11, 2022

History of Cricket


ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය 🏏



ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය 16 වන සියවස අගභාගය දක්වා අතීතයකට ඇදී යයි. ගිනිකොණදිග එංගලන්තයේ ආරම්භ වූ එය 18 වන සියවසේදී රටේ ජාතික ක්‍රීඩාව බවට පත් විය. 19 වන සහ 20 වන සියවස් වලදී මෙම ක්‍රීඩාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත විය.


ජාත්‍යන්තර තරඟ ක්‍රීඩාකර ඇත්තේ 1844 සිටය. එලෙසම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව 1877 දී ආරම්භ විය. මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පාලනය වන අතර, වර්තමානය වන විට එහි රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය ලබා ඇත.



කෙන්ට් සහ සසෙක්ස් හරහා ගිනිකොණදිග එංගලන්තයේ woodන වනාන්තර සහ එළි පෙහෙළි කරන ප්‍රදේශයක් වන වෙල්ඩ් හි වෙසෙන දරුවන් විසින් ක්‍රිකට් නිර්මාණය කර ඇත. "ක්‍රේග්" යනු ක්‍රිකට් සඳහා ඉංග්‍රීසි වචනයක් බව ඇතැමුන් ප්‍රකාශ කරන ලදී නමුත් ඇතැමුන්ගේ අදහස වූයේ "විනෝදය" යන්නයි. 17 වන සියවසේදී වැඩිහිටියන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ අතර ඊට පෙර පරම්පරා ගණනාවක් තිස්සේ ළමා ක්‍රීඩාවක් ලෙස නොනැසී පැවති බවට සාක්ශි ඇත.


2001 ජූනි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී.) විසින් ටෙස්ට් ශූරතා වගුවක් සහ 2002 ඔක්තෝබර් මාසයේදී එක්දින ජාත්‍යන්තර ශුරතා වගුවක් හඳුන්වා දෙන ලදී. 2017 දී ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය එකතු කිරීම මගින් පූර්ණ අයි.සී.සී. සාමාජිකත්වය ඇති රටවල් ගණන දොළහක් දක්වා ඉහළ නැංවිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම නවෝත්පාදනය වන්නේ T20 නැතහොත් විස්සයි විස්සය. සමාරම්භක අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලානය 2007 දී පැවැත්විණි. මෙසේ ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව අද වනවිට ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත්වී හමාරය.


Thursday, October 14, 2021

Austrailia

                                              ඕස්ට්‍රේලියාව


 ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

 18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ ය. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.


අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක්  පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, ආර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, ආසියා පැසිෆික් ආර්ථික සහයොගීතාවය හෙවත් ආපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.

                  sydney                                               source - wikipedia

ජාතික කොඩියඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයිකොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ දී දැකිය හැකි දකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.

රාජ්‍ය ලාංඡනයවර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.tමීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි
• රන් ශාකය - Acacia pycnantha Benth (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
• කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා
• එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.ජාතික දිනය සහ ජාතික වර්ණ1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.ඕස්ට්‍රේලියාවේ සුවිශේෂී තැන්.......





මෙල්බර්න් නගරය



 කැන්බරා

      පර්ත්

          Great Ocean Road

       කකාඩු ජාතික උද්‍යානය

      මහා බාදක කොරල්පරය

        ඇඩිලේඩ් නගරය                                                                   source - Wikipedia













Wednesday, October 13, 2021

Destruction of Amazon Rain Forest

                                                     අහිමි වෙන ඇමසන්

               (Destruction of Amazon Rain Forest)

ඇමසන් වනාන්තරයේ විනාශය.......


1978 වර්ෂයේ සිට මේ දක්වා වර්ග කිලෝමීටර 750,000 කට වඩා භූමි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයෙන් විනාශ වී තිබෙනවා. ඒ, බ්‍රසීලය,පේරු, කොලොම්බියාව, බොලීවියා, වෙනිසියුලාව වැනි රටවල් ආශ්‍රිතවයි.


 වනාන්තරයේ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙනුයි. නමුත් 20වන සියවස අග භාගය වනවිට එම තත්ත්වය ඉහළ ගොස්තිබෙනවා. මහා පරිමාණයේ කර්මාන්ත හා මවගා බිම් නිර්මාණය නිසා වනාන්තරය විනාශ වීම වේගවත්ව තිබෙනවා





2000 වර්ෂයේ පමණ සිට වන විනාශයෙන් 3/4 කට පමණ හේතු වී තිබුණේ ගව පාලනයයිනමුත් 2004 වසරේ පමණ සිට මෙම විනාශය වැලක්වීමට පියවර ගැනීමත් සමඟම මෙම ප්‍රතිශය පහළ අගයක් ගෙන තිබෙනවා.

මෙයට හේතූ වී ඇත්තේ පවතින් නීති රෙගුලාසි බලාත්මක කිරීම, චන්ද්‍රිකා මගින් වන්නාතරය නිරීක්ෂණය කිරීම, පරිසරවේදීන්ගේ පවතින කැපවීම, පුද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකම මේ වෙනුවෙන් මුළ පිරීම, නව ආරක්‍ෂිත කලාප හඳුන්වාදීම වැනි දේ යි.
                                                  
      
                                                                                         - උපුටා ගැනීම ගූගල් යෙදවුම ඇසුරෙනි-

                                                                                             

Death of Queen Elizebeth

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.   1926 April 21 දින උපන් ඇගේ සම්පූර්ණ නම Elizabeth Alexandra Mary Windsor විය. 193...