Monday, August 29, 2022

Best way to Study

 


🔖ඔක්කොටම වගේ ළගදිම විභහගයක් තියෙනවනේ... ඉතින් පාඩම් කරන එකනේ මේ දවස් වල කරන්නේ ඒත් එකදිගට පාඩම් කරද්දී එපා වෙනවා නිදිමත එනවනේ ඒහෙම නැතුව හොදට පාඩම් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ...👇


💢මේ ක්‍රමේ තමයි SQ3R 💢


🔖S-Survey

🔖Q-Question 

🔖R-Read

🔖R-Recite

🔖R-Review 


📒Survey

මේකෙදි කරන්න තියෙන්නේ අදාල පාඩම ටිකක් බලා ගන්න එකයි. ගොඩක් වෙලා අරගෙන පිටුගන්න පාඩම් කරන්නෙත් නෑ. අවශ්‍ය කරුණු පොඩි කාලයක් අරගෙන බලාගන්න.


📒Question 

මේකෙදි කරන්නේ කොළයක් අරන් පොත බලාගෙන ප්‍රශ්න හදන්නයි. කළු පෑනෙන් ලියන එක හොදයි.


📒Read

දැන් ලියාගත්ත ප්‍රශ්න වලට උත්තර පොතෙන් බලාගෙන පාඩම් කරන්න. තමන්ට ඇහෙන ගානට හඩ නගා කියවීම හොදයි. එතකොට නිදිමත එන්නෙත් නෑ. ටික වේලාවක් ඒකට අරගන්න.


📒Recite 

දැන් මතකෙන් අර ප්‍රශ්නවලට නිල් පෑනෙන් උත්තර ලියන්න.


📒Review 

මේකෙදි කරන්නේ ලිව්ව උත්තර චෙක් කරන්නයි. හරි නම් රතු පෑනෙන් හරියක් දාගෙන වැරදි තියෙනවනම් රතු පෑනෙන් ලියාගන්න.


📌මේ ක්‍රමයෙදි වැඩ කිහිපයක් කරන්න තියෙන හන්දා නිදිමත/කම්මැලි නොවී පාඩම් කරන්න පුලුවන්.

No comments:

Post a Comment

Death of Queen Elizebeth

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.   1926 April 21 දින උපන් ඇගේ සම්පූර්ණ නම Elizabeth Alexandra Mary Windsor විය. 193...